එන්න අප හා එකතු වන්න

                                             
     

Content on this page requires a newer version of Adobe Flash Player.

     

Get Adobe Flash player

   
     
 

අපි ගැන


අපි ගැන

Cyber Concepts පෞද්ගලික ආයතනය ආරම්භකරත ලද්දේ වර්ෂ 2001 දීය. ශ්‍රී ලංකාව හා ලොව පුරා ඇති මහජන හා පෞද්ගලික ආයතන සදහා අනර්ඝත්වයෙන් යුතු සාධාරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් සැපයීමට ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගීත්වය මත මෙය ගොඩ නැගින.

Cyber Concepts පෞද්ගලික ආයතන ප්‍රධාන කාර්යාලය කොළඔ නගරයේ පිහිටා ඇත. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ නිපුණතා පිරි තරුණ ශිල්පීන් පිරිසක් විසින් මෙම ආයතනය මෙහෙයවනු ලබයි.

අපගේ පරමාර්ථය


උසස් තත්වයෙන් හා නව්‍යකරණයෙන් පිරි විසදුම් තුළින් අපගේ සේවාදායකයින්ට විශ්වාසනීය සේවාවක් සලසමින්, ඔවුන්ගේ ව්‍යාපාර අභිමතාර්ථයන් මුදුන්පමුණුවාලීම.

උනන්දු කිරීම, වගකීම් පැවරීම, නිසි පුහුණුව හා ලාභ බෙදීම තුළින් අප සේවානියුක්තිකයින්ගේ නිර්මාණශීලීත්වය, කැපවීම හා ආචාර ධර්ම වර්ධනය කර අප ආයතන පරිස්ථිතිය වඩා යහපත් බවට පත් කිරීම.

ආයතන මට්ටමින් ළගා විය හැකි රාමුවක සිටිමින් සමාජ යහපත උදෙසා අපගේ දැනුම කුසලතා හා නිපුණත්වයන් යෙදවීම.

 

අපගේ දැක්ම


“සේවාදායකයින්ගේ සේවානියුක්තිකයින්ගේ මෙන්ම ආයෝජකයින්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය තේරීම බවට පත් කිරීම.”

අපගේ ගුණාත්මක පිළිවෙත


Cyber Concepts (Pvt) Ltd අපි අපගේ වටිනා සේවාදායකයින් බලාපොරොත්තු වන අන්දමේ යෝග්‍ය වූත් නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් යුතු වූත් ගෙවන මුදලට සරිලන අන්දමේ ව්ශ්වාසනීය, නම්‍යශීලී සහ ඵලදායී තොරතුරු තාක්ෂණික විසදුම්, සියලු නීති හා රෙගුලාසි වලට යටත්ව සෑම විටම නියමිත කාලරාමු තුලදී සැපයීමට බැදී සිටින්නෙමු.

අපි අපගේ සේවානියුක්තිකයින්ගේ දක්ෂතා හා හැකියාවන් ඔප්නැංවීමට කැපවන්නෙමු.එය තුළින් අපගේ සමස්ථ දැනුම හා ආර්ථික හැකියාවන් වර්ධනය වනු ඇත.

නිරන්තර අධීක්ෂණය තුළින් අපි අපගේ සමස්ථ ක්‍රියාවලීන්ගේ හා තත්ව කළමණාකරන ක්‍රියාවලියේ අඛණ්ඩ අභිවෘද්ධිය සදහා කැපවන්නෙමු.